Squid Game Sinhala Subtitles

Squid Game Sinhala Subtitles

Country: Korean

Status: Complete

Released-2021

Subtitles by

Thilanga Prabath, Maneesha Sandamini

SYPNOSIS

“Squid Game-දැල්ලො සෙල්ලම” තුළින් නිරූපණය කෙරෙන්නේ ඩොලර් මිලියන 40 ක විශාල ත්‍යාගයක් වෙනුවෙන් ජීවිතය අවදානමට ලක් කොට අද්භූත ක්‍රීඩාවක ක්‍රීඩකයින් වීමට තීරණය කරන පුද්ගලයින්ගේ කතාවකි. ගි-හූන්, රැකියාවෙන් නෙරපා හැරීමෙන් පසු ජීවිතය කඩාවැටුණු අයෙකි. ත්‍යාග මුදල් දිනා ගැනීම සඳහා ඔහු මේ ක්‍රීඩාවට සම්බන්ධ වීමට තීරණය කරයි. සන්ග් වූ, ගි-හුන්ගේ ළමා වියේ මිතුරා වන අතර කොතෙක් වෙහෙස වී රාජකාරී කළද රැකියාවේදී විවිධ කරදරයන්ට මුහුණ පෑමට සිදුවන නිසා ඔහුද මේ ක්‍රීඩාවට සම්බන්ධ වීමට තීරණය කරයි.

“දැල්ලො සෙල්ලම” යනු ගි හූන් සහ සන්ග් වු කුඩා අවධියේදී එකට ක්‍රීඩා කළ වීදි ක්‍රීඩාවක නමයි. ඔවුන් දැන් ක්‍රීඩා කරන දිවි ගලවා ගැනීමේ ක්‍රීඩාව මෙන්ම එක් ජයග්‍රාහකයෙකුගෙන් පමණක් අවසන් වන කායික ක්‍රීඩාවකි. සමස්තයක් වශයෙන් ගත් කල, දැල්ලෙක් ලෙස පෙනෙන විවිධ ජ්‍යාමිතික හැඩයන්ගෙන් සලකුණු කළ පිටියක ක්‍රීඩකයන් සිටින නිසා එය එසේ නම් කර ඇත.මේ අද්භූත , භයානක දැල්ලන් සෙල්ලම තුළ, ඔවුන්ගේ ඉරණම කෙසේ වේවිද?

Episode List