Country: Chinese
Status: Complete
Released-2019
පුරාතන චීනයේ ප්‍රධාන ධ්‍යානවේදී නිකායක් වන යුන්මං ජියං නිකායේ අනුගාමිකයකු වන වෙයි වූෂියෑන් ( ෂාවෝ ජන් ) කඩවසම් මුත් හිතුවක්කාරී යෞවනයෙකි. වරෙක ඔහුට සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ගුසු ලන් නිකාය වෙත යාමට සිදුවන අතර එහිදී ඔහුට ගුසූ ලන් නිකායේ දෙවන ස්වාමිපුත්‍රයා වන ආඩම්බරකාර ලන් වං ජි ( වං යිබො ) මුණ ගැසෙයි. කෙමෙන් මොවුන් දෙදෙනා අතර මිත්‍රත්වයක් ගොඩනැඟෙන මුත් තරුණ වියේදීම වෙයි වූෂියෑන්ට ජීවිතයට සමු දීමට සිදුවෙයි .
ඉන් වසර දහසයකට පසුව ශරීර පූජාවක් තුළින් වෙයි වූෂියැන්ට නැවත ජීවනයට පැමිණීමට හැකි වන අතර ඔහු යළිත් ලන් වං ජි සමඟ එක් වී යට ගිය අතීතයක සුල මුල සෙවීමට පටන් ගනී. විවිධ බාධාවන් සහ දුෂ්කරතාවයන් අතරින් යන ඔවුන්ගේ මේ වික්‍රමාන්විත චාරිකාව කෙසේ නිමවේවිද ?